විදුහල්පතිනියගෙ පණිවිඩය
M.N.K .කුසුම්ලතා මිය
අපේ පාසල අවුරුදු සියයකට වඩා වැඩි අතීතයක් ඇති රටට ජාතියට වැඩ ඇති උතුම් පුරවැසියන් දායාද කළ එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය පමණක් නොව විෂය සමගාමී,ක්‍රීඩා,සෞන්දර්ය වැනි බාහිර විෂය මාලාවන්ගෙන් සමන්විත පාසලකි.
කෘෂිකාර්මික ආර්ථිකයකින් දිවිගෙවන බහුතරයක් දෙමාපියන් දූ දරුවන් වෙනුවෙන් විවිධ වූ ආර්ථික අපහසුතා මධ්‍යයේ වුව ද ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසෙති. ලෝකය ම 2030 වන විට තිරසර ඉලක්ක ජය ගැනීමට වෙර දරන මොහොතක අපේ පාසල ද විශ්වනීය දරුවන් සමග දැනුම,ආකල්ප,කුසලතාවලින් එහා ගිය පුළුල් වූ ජාතික අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙන පාසලකි.ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් ද අනධ්‍යන කාර්ය මණ්ඩලයක් ද පාසල වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා වෙහෙසෙන දෙමාපිය ප්‍රජාවක් ද සිටින බව මතක් කරමි.
විසිඑක් වන සියවසට අවැසි සාක්ෂරතාවය අපේ පාසලේ දරුවන් තුළින් ද පිළිබිඹු වේවායි කියා ප්‍රාර්ථනා කරමි.
M.N.K .කුසුම්ලතා මිය
විදුහල්පතිනිය
ව/ම/ම/කෝන්වැව ම.වි.





