නිර්මාතෘවරු

ශිෂ්ශත්වය සමත් සිසුන් පාසල්වලට අයදුම් කිරීම

කලාප හා කොට්ටාශ තරග පුහුනු කිරිම්

clean Sri Lanka වැඩසටහන ක්‍රියත්මක කිරීම

img-20230621-wa0045.jpg
img-20230621-wa0045.jpg

දිනෙන් දින සිසුන් ප්‍රමාණය වැඩි වන විට නව ගොඩනැගිල්ලක අවශ්‍යතාව දැනුණු අතර ගම්වාසීන්ගේ උපකාරය හා රජයේ දායකත්වය මත තහඩු සෙවිලි කළ ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකර ඇත.පාසලේ සිසුන් 99%ක් ම බෞද්ධ දරුවන් වන බැවින් සිසු දරු දැරියන්ගේ හා ගුරුවරුන්ගේ ආගමික කටයුතු සදහා දෙමාපිය සහයෝගයෙන් පාසලේ බුදු මැදුර ඉදිකර ඇත.තවද සිසුන් වැඩි වීමේදී 1991 වර්ෂයේදී ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ රජය යටතේ යාපහුව පාර්ලිමේන්තු මන්ත්‍රී C.M. බණ්ඩාරනායක මැතිතුමාගේ අනුග්‍රහයෙන් කාර්යාලය සමග ඇති ශාලාව ද පසුව තවත් ශාලාවක් දෙමාපියන් විසින් ද ඉදිකර ඇත.තව ද අප පාසලේ ඇති දැල් ශාලාව වයඹ පළාත් ආයෝජන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු T.B. ඒකනායක මැතිතුමාගේ ආරාධනයෙන් වයඹ පළාත් සභා ගරු මන්ත්‍රී බණ්ඩාර රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු S.B.නාවින්න මැතිතුමා විසින් 2000 වර්ෂයේදී ඉදිකර ඇත.