සදා හදේ පොපියන නව ජීවය
මෙයයි අපේ අප රාජිත නාමය
උදාකරන දරු කැලවෙත භාග්‍යය
උදාර වූ අප පාසල් මෑණිය....//
ජය ජය ලැබ නිතිනේ
සිංහ ධජය සෙවණේ....//
තේජ රාජ හෙළ විරුවන් සිහිකර
පිබිදෙන නව සිසු පරපුර යොමුකර
විදු ඇස නැණ ඇස සමගින් කැටිකර
පුබුදු කරයි අප මෑණි දයාබර
ජය ජය ලැබ නිතිනේ
සිංහ ධජය සෙවණේ....//
වීර්ය පිරිපුන් බව රැකදෙන්නට
මව්නි ඔබ දයා දෑතම දිගුකොට
කෝන්වැවේ අප විදුහල් පියසට
වරම් ලබා දෙනු මැන දැය රැකුමට
ජය ජය ලැබ නිතිනේ
සිංහ ධජය සෙවණේ....//





