පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන්
- 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් නිල් පාට කොට කලිසම හා සුදු අත්කොට කමිසය සමග නියමිත පාසල් නිල ලාංඡනය පැළදිය යුතුය.
- 10 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන් සුදු දිග කලිසම හා සුදු අත්කොට කමිසය සමග නියමිත පාසල් නිල ලාංඡනය පැළදිය යුතුය.
- කළු මේස් සමග කළු සපත්තු පැළදිය යුතුය.
- කොටට කපන ලද කොණ්ඩය පැත්තට පීරා තිබිය යුතුය.විවිධ විලාසිතාවලට කොණ්ඩය සැකසීම වර්ණ ගැන්වීම තහනම්ය.
- අත් ඔරලෝසු ආදී ආභරණ පැළදීම තහනම්ය.
ගැහැණු ළමුන්
- සියලුම ශිෂ්‍යයාවන් දණහිස තෙක් උස අගල් 1 1/2 රැළි සහිත පිරිසිදු සුදු ගවුම සමග නියමිත පාසල් නිල ලාංඡනය හා ටයි පටිය පැළදිය යුතුය.
- සුදු මේස් හා සුදු සපත්තු පැළදිය යුතුය. විවිධ විලාසිතාවල සපත්තු පැළදීම තහනම්ය.
- කොණ්ඩය කරල් දෙකක් වන සේ ගොතා කළු රිබන් පටිවලින් බැදිය යුතුය.කොටට කපන ලද කොණ්ඩය මුහුණට නොවැටෙන සේ පිටුපසට පීරිය යුතුය.
- නියපොතු අනවශ්‍ය ලෙස දික්කිරීම හෝ පාට කිරීම සම්පූර්ණයෙන්ම තහනම්ය.
- අත් ඔරලෝසු ආදී ආභරණ පැළදීම තහනම්ය.





