වර්ෂ 1900-1905 වැනි කාලවලදී කෝන්වැව හා ඒ ආශ්‍රිත ගම්මානවල ගැමි දුවා දරුවන් අධ්‍යාපනය ලබාගැන්මට යාපව්ව ප්‍රදේශයේ පාසලකට ගොස් ඇත. එය වත්මන් යාපව්ව මහා විද්‍යාලය යැයි අනුමාන කල හැකිය.
එම කාලයේ කෝන්වැව ආශ්‍රිත ගම්මානවල දරු දැරියන් විශාල වන මැදින් වැටී තිබුණු අඩි පාරවල් ඔස්සේ ගමන් කර ඇත.
මෙම දුෂ්කරතාව වටහා ගත් යාපව්ව පාසලේ ගුරුවරුන් හා දෙමාපියන් මැදිහත්ව කෝන්වැව ප්‍රදේශයේ එවකට සිටි කෝරාළ මහතා වන ඩබ්.එම්.අප්පුහාමි මහතා හා ගමේ උදවිය එක්ව අද කෝන්වැව විද්‍යාලය පවතින භූමියේ සකස් කරන ලද තාවකාලික මඩුවක මුල්ම කෝන්වැව විද්‍යාලය ආරම්භ කල බව මූලාශ්‍ර මගින් දැනගත හැකිය
ඒ 1905 වසරේදීයි.පාසලේ මුල්ම ම විදුහල්පතිතුමා වූයේ පී.එම්.කේ.බණ්ඩා මයායි.ආරම්භයේ දී පාසල එක් තාවකාලික ගොඩනැගිල්ලකින් සමන්විත විය.එවකට ශිෂ්‍ය සංඛ්‍යව විසි තුනක් විය.මුල් ගුරුතුමා පමණක් සේවය කර ඇත.එවකට පාසල් භූමිය නොදියුණු එකකි.
1906 වසර පමණ වන විට මුල් ගුරුතුමා සේවය අතැර යාමෙන් පසුව හුණුගල්ල ප්‍රදේශයේ සිට පැමිණි මුල් ගුරුවරයෙක් සේවය භාරගෙන ඇත.එකල කෝරාළ මහතා පමුඛ ගමේ පිරිස රජය සමග සාකච්ඡා කොට දැනට විද්‍යාලයේ පළමුවන ගොඩනැගිල්ල ලෙස සැලකෙන ප්‍රධාන පාරට මුහුණලා පිහිටි ගොඩනැගිල්ලට පදනම දමා ඇත.එම මුල්ගුරුතුමන් ද සේවය අතැර ගොස් ඇත.පාසල වෙනුවෙන් රජයේ උපකාර ඇතිව 1908 දී පමණ ටුවට් රෙද්දකින් හා කෝට් එකකින් සැරසුණු නැමි පනාවක් හිසේ හිසේ ගසාගත් කකුල වැසෙන සේ සපත්තු දැමූ පහත රට ප්‍රදේශයෙන් පැමිණි මුල් ගුරුතුමෙකුගේ සේවය පාසලට ලැබී ඇත.
වර්ෂ 1910 දී පාසල රජයට පවරා ගෙන ඇත.ඒ අනුව 1910 දී ගම්වාසීන්ගේ උපකරය හා රජයේ දායකත්වය ඇතිව මුල්ම ස්ථිර ගොඩනැගිල්ල ඉදිකරන ලදී.එය අඩි 60ක් පමණ දිගින් යුත් කොට බිත්තිවලින් සමන්විත වූවකි.
එයින් පසු අවධියේ කෝන්වැව රජයේ විද්‍යාලය යන නමින් පවත්වා ගෙන ගොස් ඇති අතර විවිධ විදුහල්පතිවරුන්ගේ සේවය පාසලට ලැබී ඇත.වර්ෂ 1936 පමණ වන විට ගුරුවරු 16ක් පමණ සේවය කර ඇත.
රජයේ පරිපාලන ව්‍යුහය වෙනස් වීමත් සමග අධ්‍යාපනය විධිමත් ආකාරයට සකස් වීමෙන් අලුත් පරිපාලන දිස්ත්‍රික් ඒකකවලට බෙදා දිස්ත්‍රික් මට්ටමෙන් පාසල් පාලනය ආරම්භ කිරීමත් සමග අප පාසල "කෝන්වැව විද්‍යාලය " නමින් හදුන්වා ඇත.
පසුව රජයේ අධ්‍යාපනය විමධ්‍යගත වීම නිසා අධ්‍යාපන කොට්ඨාස වලට බෙදී ගොස් පසුව "නි/ක කෝන්වැව විද්‍යාලය " , "කු/ම කෝන්වැව විද්‍යාලය ", "කු/ම කෝන්වැව කනිෂ්ඨ විද්‍යාලය " බවට පත්විය.
1992 වර්ෂය මුල් භාගයේ පාසල කනිෂ්ඨ පාසලක්ව පැවත ඇත.නමුත් 1992 වසරේ අගභාගයේදී එවකට විදුහල්පතිවර වූ ආර්.අයි.බී.සේමසිංහ බණ්ඩා මහතාගේ පාලනය යටතේ විද්‍යාලය ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයක් බවට පත්ව ඇත.
ඉන්පසු ඊ.එම්.ඒකනායක විදුහල්පතිතුමාගේ උත්සහයෙන් 1995 වසරේ නොවැම්බර් සිට පාසල මහා විද්‍යාලයක් බවට පත්කොට "ව/ම කෝන්වැව මහා විද්‍යාලය " යන නමින් ප්‍රකාශයට පත් කරන ලදී.
පොල් අතු සෙවිලි කල කටුමැටි යොදා සකස් කරන ලද කුඩා ගොඩනැගිල්ල ක්‍රමයෙන් උලු සෙවිලි කල ගොඩනැගිලි කිහිපයක් බවට පත් විය.1996 වසරේදී නර්ථන ශාලාවක් ද 2000 වසරේදී තවත් දැල් ශාලාවක් හා සංගීත කාමරයක් ඉදි වී ඇත.
2000 වර්ෂයේදී නවීන උපාංගවලින් යුත් අංග සම්පූර්ණ පුස්තකාලයක් අප පාසලට හිමිව ඇත.
එමෙන්ම වර්ෂ 2005.05.29 දින මුල්ගල තබමින් ඉදිකරන ලද සාමාන්‍ය පෙළ විද්‍යාගාරය බොහෝ පහසුකම් වලින් යුක්තව අමාත්‍ය ගරු ටී.බී.ඒකනායක මැතිතුමා විසින් 2006.03.28 වෙනි දින අනාගත දරු පරපුර වෙනුවෙන් සිසු අයිතියට පත් කර ඇත.
එසේම 2012 වර්ෂයේදී ඊ.එම්.ඩී.බී.ඒකනායක විදුහල්පතිතුමන්ගේ නායකත්වය යටතේ ඉදිකිරීමට ආරම්භ කරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය 2015 වසරේදී ගරු ටී.බී.ඒකනායක මැතිතුමන්ගේ අතින් සිසු අයිතියට පත් කර ඇත.
ආරම්භයේ සිටම සිය දහස් ගණනක් වූ දූ දරුවන්ගේ විදු ඇස නැණ ඇස පාදමින් ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට අප විදුහල් මාතාව සමත් වූවාය.
එසේම රටට වැඩදායී දරු පරපුරක් බිහිකිරීමෙහිලා අප විදුහල් මාතාව මහඟු සේවයක් ඉටු කර ඇත්තා සේම එම සේවය අනාගත දරු පරපුර වෙනුවෙන් ද ඉටුකරන බව සැකයක් නැත්තේය
|
ආරම්භ කළ වර්ෂය |
1905 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
23 |
|
මුල් ගුරුතුමාගේ නම |
පී.එම්.කේ.බණ්ඩා මයා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කෝන්වැව විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
කෝරාළ මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1910 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
කෝන්වැව |





